Sale!

දෙවර

රු600.00

Description

චීවරයක වැළලූ අමිහිරි අතීතයක් හිමි මෙත්තානන්ද හිමියෝ, තම අනන්‍යතාවය සඟවා දැමූ සේම සද්දරා නම් ගැහැනියගේ දරුවාට පීතෘත්වය ලබා දෙන්න සූදානම් වෙති.
වසර ගණනාවකට පෙරාතුව ඇස ගැටුණු ජීවිතාන්දරයක් මතකයට නංවමින් අතීතය යළි යළිත් වර්තමානයේ දිග හැරෙනායුරු උපේක්ෂාවෙන් බලා හිඳින උන්වහන්සේ, කලකට පෙර කණුගැහැව වාසලමුදලි වලව්වේ නිවුන් සොහොයුරන් දෙපළ උමයංගනා මැණිකේගේ දරු ගැබ හේතුවෙන් සතුරන් වූ අයුරු සිහි කරති. වාසලමුදලි දෙසොහොයුරෝ අනුන්ගේ දරුවෙක් හේතුවෙන් ලේ උරුමයත්, නීතියේ උරුමයත් වෙනුවෙන් දෙපසකට වී සටන් වදින විට දරුවාගේ අයිතිය වෙනකෙකු නමින් ලියවන්නට උමයංගනා මැණිකේ රහසේම උත්සාහ දරන්නී ය.
ගම්මුන්ගේ රැවුම් ගෙරවුම් මැද මෙත්තානන්ද හිමියන්ට දුකට පත්වූ ඇත්තියකට පිහිටක් වෙන්නට සිදුවෙයි. එනමුත් ඔහුගේ වීතරාගී තැත අසමත් කරවන්නට අතීතයේ කළ කර්ම හරස් වෙයි.
ප්‍රේම කරන්නට නොහැකි වුවද ප්‍රේම කරන්නට තමන්ටද අයිතිය  ක් කැමැත්තක් තිබෙන බව සිතූ වාසලමුදලි සොහොයුරා ලොවෙන් සඟවන්නට උත්සාහ කළ රහස කිම?

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.