Description
දෙවන ලෝක මහා සංග‍්‍රාමයේ දී, මිත‍්‍ර පාක්‍ෂික හමුදා නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමට පෙර, එම වෙරළට සමාන භූ ලක්‍ෂණ ඇති ඩිවොන් ¥පතේ අභ්‍යාසවල නිරත වූහ. ඒ සඳහා සහභාගී වූ නැව් කණ්ඩායම ජර්මන් ටෝපිඩෝ ප‍්‍රහාරයකට හසු වූ අතර නැවියන් හයසිය පනහක් මියගොස් එක් ඉහළ හමුදා නිලධාරියකු අතුරුදහන් වෙයි. ඔහු ඇමරිකානු ඉංජිනේරුවකු වූ කර්නල් හ්‍යජ්ච් කෙල්සෝය. දරුණු ලෙස තුවාල ලබා සිටි ඔහු නාසීන් අල්ලා ගත් ජර්සි ¥පතේ වෙරළට ගසාගෙන යයි.
කෙල්සෝ, සිදුකිරීමට නියමිත නෝමැන්ඩි ආක‍්‍රමණයේ සියලූ රහස්‍ය තොරතුරු දැන සිටි නිලධාරියෙකි. ඔහු සතුරන්ට අසු වුණොත් සිදුවන ව්‍යසනය වටහා ගත් ලන්ඩනයේ හමුදා මූලස්ථානය හැකියාවක් ඇතොත් ඔහු බේරා ගැනීමට, නැතිනම් මරා දැමීමට දෙදෙනකු ජර්සි ¥පතට යැවීමට තීරණය කරයි.
මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ මිනිසුන් ඝාතනය කිරීමෙහි දක්‍ෂතාවයක් ඇති දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය හැරී මාටිනී ඕ සහ අර්ධ-ප‍්‍රංශ සම්භවයක් ඇති සාරා ඩේරටන් නැමැති රූමත් තරුණියකි. කෙල්සෝ රැුකවරණය ලබා සිටියේ ඇගේ නැන්දාගේ නිවසේය.
නාසි හමුදා නිලධාරියකු සහ ඔහුගේ සහායිකාව ලෙස වෙස්වලා ගත් ඔවුන් දෙදෙනා ජර්සි ¥පතට ගිය ත‍්‍රාසජනක ගමන සහ එහිදී ඔවුන් මුහුණ දෙන බිහිසුණු සිදුවීම් මෙම නවකතාවෙන් ඔබ වෙත ගෙන එයි.
Reviews
There are no reviews yet.