Sale!

වියුරු ඝාතකයා

රු1,000.00

Description

මේක පුද්ගලික ප්රශ්නයක්. කවුරුහරි මගේ මල්ලිව මරලා තියෙනවා. ඒක කොහෙත්ම වෙන්න බෑ. පොලීසිය මේ ගැන උනන්දුවක් නැත්නම් නම් මගේ මැරුණ අය මමම වළලනවා.”
මෙය මිනීමැරීම් දාමයකට තුඩුදුන් සංවිධානාත්මක කප්පම් කල්ලියක් පිළිබඳ කතාවකි. ඔබ ජේම්ස් හැඩ්ලි චේස් රසිකයෙක් නම් අපූරු අබිරහස් කතා රචකයෙකු ලෙස ඔහු මෙතෙක් රැකගෙන ආ කීර්තිනාමය I’ll Bury My Dead පොතෙන් (පරිවර්තනය ‘වියුරු ඝාතකයා) තව දුරටත් තහවුරු වෙන බව නොබියව සඳහන් කළ හැකිය. චේස්ගේ සියයකට අධික පොත් අතරින් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොත් පහ අතරට ‘ඉන්ඩියා ටුඩේ’ සඟරාව මගින් මෙම පොත නිර්ද්ශ කර ඇත්තේ ද එබැවිනි.
මම කුඩා අවදියේ පටන්ම චේස්ගේ පොත්වලට ඇල්මක් දක්වන අතර වෙහෙසකින් තොරව කියැවීම සඳහා ඔහු තම පොත්වලට, විශේෂයෙන්ම ‘වියුරු ඝාතකයා’ පොතට ජීවය ලබා දී ඇති ආකාරය ගැන මම හැමවිටම ප්රියකරමි. මා එයින් අදහස් කළේ ඔභු චේස්ගේ කුමන පොත කියෙව්වත් ඒ ගැන අනුචිත සමාලෝචනයක් කිරීමට කිසිම හේතුවක් පැන නොනගින බැවිනි.
‘වියුරු ඝාතකයා පොත ආරම්භ වෙන්නේ මෙම පොතේ ප්රධන චරිතය වන, සාර්තක ව්යාපාරිකයෙකු වන නික් ඉංග්ලිෂ්ගේ බාල සොහොයුරා වන රෝයි ඉංග්ලිෂ්ගේ මරණය හා සම්බන්ධ සිදුවීමකිනි.
රෝයිගේ මරණය කලින් අදහස් කළ ආකාරයට සියදිවි හානිකර ගැනීමක් නොව ඇත්ත වශයෙන්ම ඝාතනක් බව තහවුරු වෙයි. එබැවින් නික් තම සහෝදරයාගේ මිනීමරුවන් සෙවීමට යුහුසුළු වෙන අතර එහිදී ඔහු හා සම්බන්ධ වැදගත් රහක් කීපයක් ද අනාවරණය වෙයි.
මිනීමැරීම් මාලාව සඳහා සැලසුම් කළ ආකරය, දූෂිත පොලිස් නිලධාරීන් අනුගමනය කරන ක්රියාවිධි, ප්රේම සම්බන්ධතා සහ තවත් බොහෝ සිදුවීම් මාලාවන් වෙත මෙම අබිරහස් නවකථාව ඔබ රැගෙන යයි. මෙම ත්රාසජනක අපරාධ කථාව ඔබට ත්රාසයක් ලබා දෙන අතරම එක දිගටම කියවාගෙන යාමට ආශාවක් ඇතිකරයි.
************
වියුරු ඝාතකයා – I’ll Bury My Dead
එන්.පී.විජේරත්න – ජේම්ස් හැඩ්ලි චේස්
පිටු 328, මිල රු.1250/=
ආශිර්වාද ප්රකාශනයක්

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.