Description
Magnus Chase and The Gods of Asgard කියන්නේ TOA හා සමගාමී කාල රේඛාවක දිවයන, රික් රයෝඩන්ගේ මීළඟ කතාමාලාවයි.
ඇස්zගාර්ඩ් කීව ගමන්ම දන්නවනේ… නෝර්ස් මිත්‍යා !!!
•••••
ගින්නෙන් ඇදවැටුණු මිහිකතේ අඳෝනාවෙන් අනතුරුව එළැඹි දෙවිවරුන්ගේ ග්‍රීක-රෝම ස්වරූපයන්හි තාවකාලික සටන් විරාමය අතරතුර ලෝක විනාශයේ මීළඟ වෙඩිමුරය දැල්වෙන්නේ බොස්ටන් වලිනි.
සිය පිය උරුමය තමාගේ කරගන්නා විට මැග්නස් චේස්ට යාන්තමින් වයස දහසය සම්පූර්ණ වූවා පමණි.
හෝටලේක සදාකාලික නවාතැන් පහසුකම් සමඟින් අරුම පුදුම උපන්දින තෑග්ගකට හිමිකම් කියූ මැග්නස්ට පවුල් ගසේ අතු දිගේ ඇවිද යන්නට අත්වැල සපයන්නේ සතර වටින් එකතු වූ මිතුරු කල්ලියකි.
•°•°•°•°•°•
වීරයින් සිව්දෙනෙක්…
එක් අසිපතක්…
ලෝක නවයක්…
තහනම් අනාවැකියක්…
ලේ පිපාසිත වෘකයෙක්…
අතුරුදන් වූ බහුකාර්ය මෙවලමක්…
නව දිනෙන් එළඹෙන දෙවිවරුන්ගේ යුද්ධයක්…
•°•°•°•°•°•
පුරාතන නෝර්ස් මිත්‍යාවන්ට අනුව උතුරු ඇමෙරිකාවේ ජනාවාස තනාගත් වයිකිංවරු ලෝක ගසේ මධ්‍යය – අක්ෂ දණ්ඩ – සෙවීමට පටන් ගත්හ.



පිළිතුරු අවශ්‍යයි නේද?
එහෙනම් “මැග්නස් චේස් සහ ගිම්හානයේ අසිපත” කියවන්න…
Reviews
There are no reviews yet.