Sale!

සර්ජන්

රු1,080.00

Description

බොස්ටන්හි කිසිදා නුවූ විරූ ලෙස දාම ඝාතන රැල්ලක් ආරම්භ වීම බොස්ටන් පොලීසියේ මිනීමැරුම් අංශය ත්රාසයටත් භීතියටත් පත් කළේ මීට වසර දෙකකට පෙර සවානාහිදී සිදුවූ දාම ඝාතන රැල්ලට සමාන ලක්ෂණ පෙන්නුම් කිරීම නිසාය. සාවානාහි දාම ඝාතන රැල්ලේ ඝාතකයාගෙන් දිවි බේරා ගත් ඔහුගේ අවසන් ගොදුර වූ ශල්ය වෛද්ය කැතරින් කෝර්ඩේල් දැන් බොස්ටන්හි පදිංචිකාරියක් වීමත් ඇය අතින් සාවානා දාම ඝාතන රැල්ල ආරම්භ කළ ඝාතකයා ඝාතනය වූ බවත් සියලුම පොලිස් වාර්තාවල සඳහන් වූ නිසා බොස්ටන් පොලීසියේ මිනීමැරුම් අංශය ඉදිරියේ පිළිතුරු නොමැති පැන ගොන්නක් ගොඩගැසෙන්නට විය. බොස්ටන් පොලිස් මිනීමැරුම් අංශයට මෙන්ම කැතරින් කෝර්ඩේල්ටද නිදි වර්ජිත රාත්රින් එළඹුනේ ඝාතකයා එකිනෙකට පරස්පර සාක්ෂි නිර්මාණය කරමින් වෛද්ය කැතරින් කෝර්ඩේල්ට විවිධ ආකාරයේ මරණීය අනතුරු අඟවමින් බොස්ටන්හි ඝාතන රැල්ල තවත් ඉදිරියට කරගෙන යාමට උත්සුක වීම නිසාය. කැතරින් කෝර්ඩේල් අතින් සැබැවින්ම ඝාතකයා සවානාහිදී ඝාතනයට ලක් වූවාද? බොස්ටන් පොලීසියට මෙම සර්ජන් කවුරුන්දැයි හඳුනා ගැනීමට හැකි වෙයිද?
අපරාධ විද්යාව සහ වෛද්ය විද්යාව මුසු වූ Medical suspense Thriller සහ Crime fiction nover ගණයට අයත් මෙම නවකතාව tess gerissten ගේ දාම ඝාතන සිද්ධීන් අඩංගු නවකතා අතර අති සාර්ථකම නවකතාව ලෙසද හඳුන්වනු ලබනවා.
පරිවර්තක ගැන
ඉන්දීවරී දිඹුල්ගස්තැන්න පේරාදෙණිය විශ්වවිද්යාලයේ ශාස්ත්ර පීඨයේ ආර්ථික හා සංඛ්යාන විද්යා දෙපාර්තමේන්තුවේ අවසන් වසර ශිෂ්යාවකි. කුඩා කාලයේ සිටම විජය සහ මිහිර ආදී ළමා පුවත්පත්වලට විවිධ අංගයන් ඉදිරිපත් කරමින් ජයග්රහණ රාශියකට හිමිකම් කියූ ඇය 2014 වර්ෂයේ දෙසැම්බර් මස ආපදා කළමනාකරණ අමාත්යංශය විසින් පිරිනමන ලද හොඳම රචකයාට හිමි සම්මානයද දිනා ගැනීමට කුඩා කාලයේදීම සමත් වූවාය.
ඇය තමා උපාධිය අපේක්ෂා කරන විෂය පද්ධතිය මතම පමණක් සීමා නොවී විශ්වවිද්යාලය තුළද විවිධ බාහිර ක්රියාකාරකම් රාශියක් සහ සංගම් රාශියක තනතුරු දරමින් සිටින අතර තම විශ්වවිද්යාල ජීවිතයේ දෙවන වසර තුළදී බාහිරව නීතිය සහ අපරාධ විද්යාව හැදෑරීමටද යොමු වීම ඇයගේ ලේඛන ජීවිතයට අත්පොත් තැබූ මංසන්ධිය කිවහොත් වඩාත් නිවැරදිය. අපරාධ විද්යාවට සහ ඒ හා බැඳුණු නවකතා කෙරෙහි අසීමිත ආශාවක් දැක්වූ ඇය ඔබ වෙත මුල් වරට හමුවන්නේ Tess Gerristen ගේ the surgen හි සිංහල පරිවර්තනයද සමගය. සිංහල සාහිත්යය, ඉංග්රීසි සාහිත්යය සහ ජර්මානු සාහිත්යය පිළිබඳව හසල දැනුමක් ඇති ඇය මේ වන විට තම අවසාන වසර පර්යේෂණ නිබන්ධනයෙහි වැඩ කටයුතුවල නියැලී සිටියි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.