Ashirwada logo

Ashirwada Publishers

Cart0

Cart preview

Your cart is empty. Start exploring our catalogue!

TotalLKR 0
View cart
Back to catalogue
Birdie

Availability

More than 30 in stock

Products

Birdie

Koshalee Sirichandra

Price
20% offLKR 2,250LKR 1,800
Quantity
1

මගේ සැබෑ නම කිසිවකුටත් මතක නැත.

එම ගිම්හානයේ සැබැවින්ම සිදු වූ දේ කිසිවෙක් නොදනිති.

දහනවවෙනි සියවසේ එක් හේමන්තයක, කුඩා දැරියකව ලන්ඩනයේ පටු වීදීවලදී අත්හැර දමා යන ලදී. අබිරහස් ආගන්තුකයකු විසින් හදා වඩා ගන්නා මෙම දැරිය පිළිවෙළින් සෙරක්, යෙහෙළියක්, අනුප්‍රාණ නිධියක් සහ පෙම්වතියක් වන්නීය. ඉක්බිති, 1862 වසරේ ගිම්හානයේදී, ඇගේ දහඅටවෙනි උපන් දිනය පසුව නොබෝ දිනකින්ම, ඕ සිත්තරුන් පිරිසක් සමග ඉහළ තේම්ස් නදියේ නිසල ගංගා දඟරයක පිහිටි සුන්දර නිවෙසකට විවේක සුව විඳීම පිණිස යන්නීය… සිත්වල කලබලය, නොඉවසුම් බව ඉහළ යයි. එක් ග්‍රීෂ්මාධික සැන්දෑවක වෙඩි පහරක හඬ අවට ගිගුම් දෙයි. කාන්තාවක් මරණයට ලක් වේ, තවත් කතක් අතුරුදහන් වෙයි. එහි සැබැවින්ම සිදු වූ දේ පිළිබඳ සත්‍යය කාලයත් සමග සැඟව යයි.

ඉන්පසු එළඹෙන සියවස සහ එයටත් පසු කාලයේදී, බර්ච්වුඩ් මන්දිරය බොහෝ අමුත්තන් පිළිගනී. එහෙත්, එය තම රහස ආරක්‍ෂා කර ගනී-. වෙනත් යුවතියක් ඇගේ පවුලේ රහසක් හේතුවෙන් මෙම නිවහනට ආකර්ෂණය වෙන තුරුම නිවහන එසේ හැසිරෙයි…

‘බර්ඩි’හි අබිරහස හෙළිරදවු වීම ඇරඹීමත් සමග 1862 වසරේ අර ශාපලත් දිනයේ පටන් බර්ච්වුඩ් මන්දිරයට පැමිණි අයගේ කතන්දර අපට දැන ගැනීමට ලැබේ. සංකීර්ණ ස්තරවලට සකස් කළ, භාවාතිශය බව උපරිමයෙන් තිබෙන මෙම කතාව සමහර වේලාවට, ඉදිරියට යෑමට ඇති එකම මාර්ගය වැටී ඇත්තේ අතීතය හරහා බව පෙන්වා දෙයි.

Publisher

Ashirwada Publishers

Category

Translations